ජනතාවට සහනාධාර දීම සම්බන්ධයෙන් නව මුදල් ඇමැති අලි ෂබ්රි මහතා සිය ස්ථාවරය ප්‍රකාශ කොට තිබෙනවා.
ජනතාවට සහනාධාර දීම නොකළ යුතු බව ඔහු අවධාරණය කරනවා.
අනාගතයක් නැහැ
සහනාධාර මත යැපෙන ආර්ථිකයකට ඉදිරියට යා නොහැකි බව දිගින් දිගටම ඔප්පු වී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
සහනාධාර දීම හොඳ දෙයක් ලෙස දුටුවත් එහි නොපෙනෙන යථාර්ථය එය නොවන බවයි ඇමැතිවරයා පෙන්වා දෙන්නේ.
ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ සහනාධාර දීමෙන් සිදුවන්නේ ජනතාව දේශපාලඥයන්ගේ හෙංචයියන් වීම බවත් ඉන් ජනතාව තුළ තිබෙන හැකියාව මොට වන බවයි.
දේශපාලනඥයන්ට චෝදනා
සහනාධාර දීමේදී සිදුවන්නේ ඒ සඳහා අන් අයගේ මුදල් යෙදවීම මිස ඒ සඳහා එළියෙන් මුදල් ගෙනත් දීමක් සිදු නොවන බවයි.
සහනාධාර දීම ජනතාවට පුරුදු පුහුණු කොට තිබෙන්නේ දේශපාලඥයන් බවද අලි සබ්රි මහතා පිළිගන්නවා.
නව මුදල් ඇමැතිවරයා සහනාධාර දීම සම්බන්ධයෙන් මෙසේ සිය ස්ථාවරය හෙළිදරව් කළේ පුද්ගලික රූපවාහිනී සේවයක වැඩ සටහනකට එක්වෙමින්.