පෙරේදා (29) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ විශේෂ අවධානය යොමු කළ අංශ පිළිබඳව හෙළිදරව්වක් අමාත්‍යවරයෙක් විසින් කරනවා.
ඒ එස්.එම්.චන්ද්‍රසේන ඇමතිවරයායි.
විශේෂ අංශ තුන
අමාත්‍යවරයා සඳහන් කරන්නේ අංශ තුනක පෝලිම් නතර කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ විශේෂ අවධානය යොමු වූ බවයි.
විදුලිය කැපීම නතර කිරීම , ගෑස් පෝලිම නතර කිරීම , තෙල් පෝලිම නතර කිරීම එම අංශ ලෙසයි අමාත්‍යවරයා හඳුන්වා දෙන්නේ.
සිංහල අවුරුද්ද වන විට ගෑස් පෝලිම් , තෙල් පෝලිම් නොමැති වන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා අවුරුදු කාලය තුළ විදුලිය නොකපන ලෙස ජනපතිවරයා විෂයභාර අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බවත් හෙළිදරව් කරනවා.
දහ දහසේ සහනාධාරය
ඒ සමඟම රු. 5000 දෙක බැගින් ලැබෙන රු. 10000 දීමනාවද සහනයක් ලෙස ජනතාවට ලැබෙන බවයි අමාත්‍යවරයා මතක් කර දෙන්නේ.
ජනතාවට සහන දෙන්න පුළුවන් නම් නොදී ඉන්නෙ නැති බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.