May 09, 2024

කෝටි 5ක කළුවර දැව සංස්ථා ගබඩාවේ දිරාපත් වෙලා - තේක්ක ගස් 69කුත් අතුරුදන්

රාජ්‍ය දැව සංස්ථාවට අයත් බූස්ස දැව ගබඩාවේ රුපියල් කෝටි පහකට ආසන්න වටිනා කළුවර දැව කඳන් තොගයක් දිරාපත්වී ඇතැයි ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වනවා.

මෙම දැව කඳන් වසර 12 ක් තිස්සේ (2007සිට) විවිධ අහිතකර පරිසර තත්වයන්ට භාජනවෙමින් අනාරක්ෂිතව ගොඩගසා තිබුණු බව එම කාර්යාලය අනාවරණය කරනවා.

මේ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව රාජ්‍ය දැව සංස්ථාවට ලබාදී තිබු වටිනා තේක්ක ගස් 69ක් අතුරුදන්වීමෙන් එම සංස්ථාවට රුපියල් ලක්ෂ තිහකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි එම කාර්යාලය පවසනවා.

මින්නේරිය හල්මිල්ලෑව වැඩ බිමෙහි තිබූ තේක්ක ගස් 7840 කින් මෙම ගස් 69 මීට වසර කිහිපයකට ඉහතදී මෙසේ අතුරුදන්ව තිබූ බව වාර්තා වනවා.

Rate this item
(1 Vote)