නීති විරෝධිව බලපත්‍ර නොමැතිව හොරට තේක්ක සහ කොහොඹ දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ මහ ට්‍රැක්ටර් රථයක් හුංගම ප්‍රදේශයේ දී අද (21) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.
දැව තොගය සමඟ මහ ට්‍රැක්ටර් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම සකස් කරන ලද කොහොඹ හා තේක්ක දැව තොගය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් බව පොලීසිය පවසනවා.
මෙලෙස හොරට දැව ප්‍රවාහනය සිදු කරන බවට කලින් තොරතුරු ලැබී තිබූ අතර වෙනත් රාජකාරියක් සඳහා නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් සිටිය දී මෙලෙස දැව තොගය කළු ඉටි කොලයකින් වසා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලීසිය සඳහන් කරන්නේ.
අත්අඩංගුවට ගත් දැව තොගය වැඩිදුර පරීක්ෂාව සඳහා දැව සංස්ථාවට සාම්පල් යැවීමට කටයුතු කර තිබෙන අතර ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා හුංගම පොලිස් ස්ථානයට බාරදීමට පියවර ගත් බව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කළා.