May 05, 2024

ජනපති දුම්රියට ගොඩවෙයි! සේවකයින්ගෙන් ප්‍රශ්න කරයි (PHOTOS)

තෘප්තිමත් රැකියාවකට අවශ්‍ය පසුබිම සියලුම රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සැකසිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

බඳවාගැනීමේ පටිපාටිවල ඇති ගැටලු හේතුවෙන් උසස්වීම්වල පවතින ප්‍රශ්න කඩිනමින් නිරාකරණය කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

කොළඹ, දෙමටගොඩ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ඉංජිනේරු ධාවනබල උප දෙපාර්තමේන්තුව සහ මාලිගාවත්ත දුම්රිය අංගනය ඊයේ (16) පෙරවරුවේ නිරීක්ෂණයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ආයතනයන්හි දෛනික ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පවතින ගැටලු සහ අවශ්‍යතා පිළිබඳව සේවකයන්ගෙන් තොරතුරු විමසා තිබෙනවා.

දුම්රිය එන්ජින් මැදිරි හා ගැල් පරීක්ෂා කර, සුදුසු පරිදි සකස් කර, ධාවනය සඳහා යොමු කිරීම ධාවනබල උප දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම කාර්යය වේ.

එදිනෙදා කළ යුතු අලුත්වැඩියාවන් සිදු කිරීම, වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවන් යාන්ත්‍රික ඉංජිනේරු වෙත නිර්දේශ කිරීම, අලුතින් ධාවනයට එක්වන එන්ජින් හා මැදිරි පරීක්ෂා කර යෝග්‍යතාවය සහතික කිරීම, දුම්රිය මාර්ගයේ සිදුවන දුම්රිය අනතුරු, පීලි පැනීම් හෝ වෙනත් ආපදාවක දී නැවත පීලි ගත කර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම ආයතනයේ වගකීම් අතර වේ.

ධාවනයට යොදවන මැදිරිවල ඇතුළත හා පිටත පිරිසිදු කිරීම ඇතුළු සේවාවන් රැසක් ආයතනය මගින් සිදු කෙරෙනවා. කොළඹ පිහිටි ප්‍රධාන ධාවනාගාර 05ක්, අංගන 02ක් සහ කොළඹින් පිට තවත් ධාවනාගාර 15ක් පමණ දෙපාර්තමේන්තුව සතුයි.

පුරප්පාඩු වන කාර්මික ශිල්පී රාජකාරී සඳහා කම්කරු තනතුරේ සේවකයින් යොදාගැනීම හේතුවෙන් සේවකයන් අතර අතෘප්ති කර තත්ත්වයක් උද්ගත වී ඇති බව වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දී තිබෙනවා.

දක්ෂතා ඇති තරුණ කම්කරුවන් ශ්‍රී ලංකා - ජර්මානු දුම්රිය අභ්‍යාස ආයතනය සහ වාත්තීය පුහුණු ආයතනවලට යොමු කොට, පුහුණු අවස්ථා ලබාදීමට කටයුතු කර ඒ අනුව නිසි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

ඉන්ධන ප්‍රවාහනය සේම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා දුම්රිය යොදාගැනීමෙන් අත්වන ප්‍රතිලාභ වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දුන්නා.

Rate this item
(0 votes)

Related items