May 17, 2024

මම බලශක්ති ඇමතිකමේ දිවුරුම් දුන්නා: එස් බීත් ඇතුළෙ ඉන්නවා - ගාමිණී ලොකුගේ

තමා බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ප්‍රකාශ කරනවා.

ඔහු එම ප්‍රකාශය කළේ ජනපති කාර්යාලයෙන් පිටතට පැමිණි අවස්ථාවේ.

දන්නේ නැහැ

සිදුවන අනිත් කැබිනට් ඇමති වෙනස්වීම් පිළිබඳව තමා නොදන්නා බවත් ලොකුගේ ඇමතිවරයා එහිදී සඳහන් කළා.

දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාද ජනපති ලේකම් කාර්යාලයට පැමිණ පිටත්ව ගිය බවද ලොකුගේ ඇමැතිවරයා එහිදී සඳහන් කළා.

එස් බීත් ඇතුලේ

එස්.බී.දිසානායක මහතාද ජනපති ලේකම් කාර්යාලය තුළ සිටින බවත් ලොකුගේ ඇමතිවරයා අවධාරණය කලා.

දැනගන්නට තිබෙන ආකාරයට විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ අමාත්‍යධූර ඉවත් කර තිබෙනවා.

එය මුල් කොට ගෙනයි මෙම සංශෝධනය සිදුව තිබෙන්නේ

Rate this item
(2 votes)
Last modified on Thursday, 03 March 2022 19:58