May 19, 2024

මැණික් පතලකට ප්‍රහාරයක්

February 25, 2022

ගොරකඇල ප්‍රදේශයේ මැණික් පතලකට කඩා වැදුණු තිදෙනෙක් එම පතලේ වාඩියක සිටි තරුණයින් සිව් දෙනෙකුට ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

එක් තරුණයෙකුගේ හිසට ප්‍රහාරයක් එල්ල කොට ඔහු රෝහල් ගත කර ඇතැයි කහවත්ත ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මෙම පහරදීම ආරක්‍ෂිත කැමරාවල සටහන්ව ඇති අතර ප්‍රහාරය සිදු කළ අය පසුව කැමරා දැක එම කැමරා අක්‍රිය කර නැවත පහරදී තිබෙන බවට පතල් හිමියා රත්නපුර පොලිසියට පැමිණිලි කර තිබෙනවා. 

ඊයේ (24) රාත්‍රි 11.30ට පමණ පතලේ සිටි අය නිදාගෙන සිටියදී පැමිණි පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මැණික් පතල්වල ගැටළුවක් මෙම ප්‍රහාරයට මුල්වී ඇතැයි රත්නපුර පොලීසිය පවසනවා.

රත්නපුර පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 February 2022 15:27