සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදුලි පන්දම් (ටෝච්) රැගෙන පාර්ලිමේන්තුවට පැමිණීම හේතුවෙන් අද (24) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.
මේ දිනවල සිදුවන විදුලි කප්පාදුවට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙසේ විපක්ෂය විදුලි පන්දම් පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබෙනවා.
ආණ්ඩු පක්ෂය ඊට දැඩි විරෝධය පළ කරමින් කියා ඇත්තේ මෙය පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවයි.
ඒ හේතුවෙන් සභාව මිනිත්තු 10කට කල් තැබීමට කතානායකවරයා කටයුතු කර තිබෙනවා.