May 07, 2024

චාමර සම්පත්ට අවුලක් : අවුලට මුල පක්ෂ අතර ගැටුමද

February 12, 2022

චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා මතභේදාත්මක කතා කිමට රුසියෙක්.

ඔහුට මහජන විරෝධයක් එල්ල වූ බව වාර්තා වනවා.

වැඩ ලක්ෂයේ වැඩේ

ඒ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අය - වැයෙන් හඳුන්වා දුන් වැඩ ලක්ෂයේ වැඩක් කිරීමට යාමේදී.

මන්ත්‍රීවරයාට විරෝධය පෑවේ සිද්ධිය ඇතිව තිබෙන්නේ පස්සර පුහුල්වත්ත සේවා පියසේ වැඩ ආරම්භ කිරීමට පැමිණි අවස්ථාවේ.

යෝජිත ගොඩනැගිල්ල ඉදි කිරීමේ භූමියේ අයිතිය සම්බන්ධයෙන් මතු වූ කාරණයක් මත ජනතාව මන්ත්‍රීවරයාට මෙසේ විරෝධය පළකර තිබෙනවා.

වගකීම වෙන අතකට

එහිදී මන්ත්‍රීවරයා එම විරෝධය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ පිටට කපා තිබෙන්නේ ඔහු ඊට වගකිව යුත්තා බවට දොස් පවරමින්.

වැඩ ලක්ෂයේ වැඩසටහන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන්නක්.

චාමර සම්පත් දසනායක මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු වුවද ඔහු නියෝජනය කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

මේ වන විට පොදු ජන පෙරමුණ හා ශ්‍රී.ල.නි.පය අතර අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව ප්‍රකට කරුණක්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 12 February 2022 00:32

Related items