May 12, 2024

සුපිරි වැඩකරු උදිත අගමැතිට විද්ද ගාන එලියට

සුපිරි වැඩ කරුවෙකු වූ උදිත ලොකුබණ්ඩාර මහතා අග්‍රාමාත්‍යවරයාගේ ගිණුමෙන් ගත් මුදල් සම්බන්ධයෙන් තවත් තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා.

ඔහු අග්‍රාමාත්‍යවරයාගේ ගිණුමෙන් ගත් මුදල් ප්‍රමාණය , ගත් මුදලින් කළ දේවල් මෙන්ම එම මුදල පියවන ආකාරය පිළිබඳවයි එසේ තොරතුරු වාර්තා වන්නේ.

වියදම් කර ඇති මුදල

දැනගන්නට තිබෙන ආකාරයට අග්‍රාමාත්‍යවරයාගේ ගිණුමේ ලක්ෂ 440 ක පමණ මුදලක් තිබී ඇති අතර ඉන් රු. ලක්ෂ 330 ක්ම ලොකු බණ්ඩාර මහතා විසින් එළියට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එසේ ගත් මුදල යළි වාරික වශයෙන් ගෙවීමටත් ලොකුබණ්ඩාර මහතා එකඟ වී තිබෙනවා.

ඒ අනුව එහි පළමු වාරිකය ලෙස රු. ලක්ෂ 20 ක් අගමැතිවරයා වෙත භාර දී තිබෙන බව දැනගන්නට තිබෙනවා.

වියදම් කළ ආකාරය

අගමැතිවරයාගේ ගිණුමේ ඇති මුදල් ගුවන් තොටුපොළේ තීරු බදු රහිත වෙළෙඳ සැලකින් මත්පැන් ලබා ගැනීමටත් , සිනමන් ලේක් හෝටලයේ සහ ෆ්ලෙමින්ගෝ රාත්‍රී සමාජ ශාලා සඳහාත් ලොකුබණ්ඩාර මහතා වියදම් කර තිබෙනවා.

බණ්ඩාර මහතා මෙසේ මුදල් ලබාගෙන තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා සතු ඩෙබිට් කාඩ් පතින්.

සිද්ධිය සම්බන්ධයෙන් නඩු මගට නොගොස් විසඳා ගැනීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇති බවත් දැනගන්නට තිබෙනවා.

Rate this item
(3 votes)
Last modified on Monday, 31 January 2022 18:54