May 19, 2024

(UPDATE-04) කටුනායක වර්ජනය නිමයි - සාකච්ඡා සාර්ථකයි

November 05, 2014

කටුනායක ගුවන්තොටුපළ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය සිවිල් ගුවන් සේවා අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසු අවසන් කර තිබේ.

අප ඒෂියන් මිරර් වාර්තාකරු පැවසූවේ එම සාකච්ඡාවේදී පසුගිය මාසයේ හා මේ මාසයේ දීමනාව ලෙස රුපියල් 16,000ක් මේ අවස්ථාවේදීම ගෙවීමට තීරණය කර ඇති බවත් ඒ අනුව සේවකයින් ඉල්ලූ දීමනාව ලබාදීමට කැමැත්ත පළ කළ බවයි.

අනෙක් ඉල්ලීම් සතියක් තුළ ඉටු කිරීමට එම සාකච්ඡාවේදී තීරණය කර තිබේ. මෙම සාකච්ඡාවට අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා, නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා හා ජනාධිපති මන්දිරයේ නියෝජිතයෙකු සහභාගී වී ඇත.

මෙම වර්ජනය හේතුවෙන් සියලු ගුවන් ගමන් සේවා ද අත්හිටුවා ඇති අතර ගුවන් මගීන් දැඩි අසීරුතාවයකට මුහුණ දී තිබිණි.

 

Rate this item
(0 votes)