May 19, 2024

කොවිඩ්වලින් මේක ඉවර නෑ! ඉදිරියේ තවත් වසංගත රැසක්!

කොවිඩ් 19 යනු පෘථිවියට බලපානු ලබන අවසාන වසංගතය යැයි කිසිවෙකු නොසිතිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපති මහාචාර්ය සමත් ධර්මරත්න මහතා පෙන්වා දෙනවා.

ඉදිරියේ දී මෙවැනි වසංගත තත්ත්ව රැසක් පැමිණිය හැකි බව යි ඔහු අවධාරණය කරන්නේ.

කොවිඩ් 19 වෛරසය පැමිණෙද්දී ලෝකය ඊට සූදානමකින් නොසිටි බවත්, තවමත් ලෝකය සිටින්නේ ඊට සූදාමන් වෙමින් බවත් ඔහු පවසනවා.

එමෙන්ම මේවන විට පෘථිවිය රෝගී වී ඇති බව යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ධර්මරත්න මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතීත්වයට පත් වීමෙන් අනතුරුව සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට සහභාගී වෙමින්.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ඇතුළු පිරිසක් මෙම උත්සවය සංවිධානය කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 January 2022 09:28