May 04, 2024

ජනපති කූරගලටත් යයි! නියෝගයකුත් දෙයි

කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිකිරීම් කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

සබරගමු පළාතේ බලංගොඩ සිට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි කල්තොට නිම්නයේ කූරගල පුදබිම පිහිටා තිබෙනවා. මහ රහතන් වහන්සේලා වැඩ සිටි ගල් ලෙන් 13ක් සහිත කූරගල පුදබිම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි.

අද (16) පස්වරුවේ කූරගල පුදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා ඉදිවෙමින් පවතින දාගැබ, බුදු පිළිම වහන්සේ සහ ධර්ම ශාලාවේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලුවා.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් සහ උපදේශකත්වයෙන් කූරගල විහාර භූමියේ සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. එහි ඉදිකිරීම් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පුදබිම ආශ්‍රිත මාර්ග පද්ධතියේ සහ ආසන දෙදහසක් පැනවිය හැකි ලෙස නිර්මාණය කර ඇති ධර්ම ශාලාවේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

පුදබිමට පැමිණ සිටි ජනතාව සමග කතා බහ කළ ජනාධිපතිවරයා අවට භූමිය ද නිරීක්ෂණය කළා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 16 January 2022 23:47

Related items