May 04, 2024

විපක්ෂය ගේම ඉල්ලයි : රාජාසන කතා විවාදයට දින තුනක් දිනා ගනී

එළැඹෙන 18 වැනි අඟහරුවාදා ජනපතිවරයා විසින් පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ රාජාසන කතාව සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලීම මුල් කොටගෙන මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී.

විපක්ෂයේ ඉල්ලීම

එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා ඇති අතර ඒ සඳහා දින 3 ක් අවශ්‍ය බව සඳහන් කොට තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඊට සභානායක දිනේෂ් ගුණවර්ධන හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් සිය විරෝධය දක්වා ඇති අතර විවාදය සඳහා ලබාදීමට හැක්කේ දින 2 ක් බවයි අවධාරණය කර තිබෙන්නේ.

ශෝක දින විවාදය

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වාදී තිබෙන්නේ 21දින මංගල සමරවීර මහතා සම්බන්ධයෙන් වූ ශෝකය පළ කරන දිනයක් වෙන් කොට ඇති බවත් ඒ ගැන සමරවීර මහතාගේ පවුලේ අය දැනුවත් කොට ඇති බැවින් එදින ඊට ලබා දීමට නොහැකි බවයි.

එහිදී කිරිඇල්ල මහතා සඳහන් කර තිබෙන්නේ විවාදය සඳහා දින 3ක් ලබා නොදෙන්නේ නම් ජනපතිවරයාගේ රාජාසන කතාව කරන අතරතුර ඊට විරෝධය දක්වන බවයි.

ඒ සමගම ආණ්ඩු පාර්ශවය දින 3 ක විවාදය සඳහා කැමති වූ බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 17 January 2022 00:27

Related items