May 19, 2024

මාලකගේ ගුටිකෙළියට ඇමති ආරක්ෂකයිනුත් මැදිහත් වෙලා

November 05, 2014

අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත්‍ මාලක සිල්වා සමඟ ගොස්‌ බම්බලපිටියේ රාත්‍රි සමාජ ශාලාවේදී විදේශ යුවළකට පහර දුන් මැරයන් අතර ඇමැති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් දෙදෙනකු ද සිටින බව මේවන විට සිදුකළ පරීක්ෂණවලදී හඳුනාගෙන ඇත.

මෙම ඇමැති ආරක්‍ෂක පොලිස්‌ නිලධාරීන් දෙදෙනා අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ආරක්‍ෂාව සඳහා අනුයුක්‌ත කළ අය බවට ද හඳුනාගෙන තිබේ.

මෙම යුවළට පහර දුන් මැරයන් හත්දෙනාම මේ වනවිට අතුරුදන්ව ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

බම්බලපිටිය රිදම් ඇන්ඩ් බ්ලූස්‌ රාත්‍රි සමාජ ශාලාවේදී බ්‍රිතාන්‍ය ජාතිකයකුට සහ ඔහුගේ පෙම්වතියට මාලක සිල්වා ඇතුළු මැරයන් අමානුෂික ලෙස පහර දෙන අයුරු එම සමාජ ශාලාවේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබූ බව පොලිසිය සොයාගෙන ඇත.

එම දර්ශන පරීක්‍ෂා කිරීමේදී සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසියට හැකිවී ඇති අතර කොළඹ අපරාධ කොට්‌ඨාසය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 

Rate this item
(0 votes)