May 19, 2024

Breaking News කටුනායක අඩපනයි - සේවකයන් බලය අල්ලයි

November 05, 2014

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සේවක වර්ජනයක් මේවන විට ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

එහි සිටින ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ ඉල්ලීම් 5ක් මුල්කරගනිමින් වර්ජනය ආරම්භ කර ඇති බවය.

මේවන විට ගුවන්තොටුපොලට විදුලිය සපයන විදුලි අංගනයේ සම්පූර්ණ බලය සේවක කණ්ඩායමක් විසින් අත්කරගෙන ඇත.

තවත් කෙටි වේලාවක් තුළ තම ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදුනහොත් ගුවන්තොටුපොලේ ජලය සහ විදුලිය කපා හැර සන්නිවේදන කටයුතුද තමන් විසින් අක්‍රීය කරන බව වැඩ වර්ජනය සඳහා නායකත්වය ලබාදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කටුනායක - ටී.කේ.ජී කපිල

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 November 2014 11:02