May 19, 2024

මාලකගේ සිද්ධියට ඇමති මර්වින්ගෙන් ඉඟියක් (VIDEO)

බ්‍රිතාන්‍ය ජාතික යුවලකට පහරදීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයට පත් කර සිටින අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇප මත මුදාහැරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

නඩු විභාගය අවසන් වීමෙන් පසුව මර්වින් සිල්වා අමාත්‍යවරයා රැස්ව සිටි මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේ "මේක අධිකරණය හමුවේ විභාග වන කරුණක්. ඒ නිසා මාධ්‍යවලට අදහස් ප්‍රකාශ කරන්න මා අදහස් කරන්නේ නැහැ. මේ කටයුත්ත ඉවර වුනාට පස්සේ මම මාධ්‍ය ඉදිරියට එනවා." යනුවෙන් ඔහු පැවසීය.

සැකකාර මාලක සිල්වා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බැවින් බන්ධනාගාර නිලධාරීන් ඔහු අධිකරණයට ඉදිරිපත් නොකළ බව විත්තියේ නීතිවේදී හේමන්ත වර්ණකුලසුරිය මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

"සැකකාර මාලක සිලවා දරුණු පහරකෑමකට ලක්ව තිබෙනවා. එහෙත් පොලිසිය සුපුරුදු ආකාරයට පහර දුන් පුද්ගලයා වෙනුවට පීඩාවට පත් පුද්ගලයාට එරෙහිව නඩු පවරා තිබෙනවා. ඊට අපි විරෝධය පළ කළා. කෙසේ වෙතත් පොලිසිය අද කියා සිටියා මාලක සිල්වාට පහර දුන් සුදු ජාතිකයින්ට එරෙහිවද අද අධිකරණයට කරුණු වාර්තා කළ බව.” යනුවෙන් ඔහු පැවසීය.

ඒ අනුව සැකකරු ලබන 11 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අධිකරණය එදිනට සැකකරුගේ ශාරීරික සෞඛ්‍ය තත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් කොළඹ අධිකරණ වෛද්‍යවරයාට නියම කළේය.

(බීබීසි)

එම වීඩියෝව පහතින් නරඔන්න

Rate this item
(1 Vote)