May 19, 2024

කල්මුණේ වෙන්කරන්න දෙමළ සන්ධානයත් සාකච්ඡාවක

November 05, 2014

දෙමළ ජාතික සන්ධානය සමග අද (05) දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කල්මුණේ ප්‍රදේශය සම්බන්ධව අවධානය යොමුකරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කළේය. 

මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වන කල්මුණේ ප්‍රදේශයේ වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් බවට පත්කර ගැනීමට අදාළව පක්ෂ දෙකේ නායකයන්ගේ අදහස් හුවමාරු කරගැනීමට බලාපොරොත්තු වන බවත් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව මෙහිදී අවධානය යොමුනොකරන බවත් එම පක්ෂයේ මහලේකම් හසන් අලි මහතා ප්‍රකාශ කළේය. 

ජනාධිපතිවරණයේදී ගන්නා වූ තීරණ සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර ඉදිරියේදී සාකච්ඡා පැවැත්වෙන බවත් මේ මොහොතේදී විශේෂයෙන් වැදගත්වී ඇත්තේ කල්මුණේ ප්‍රදේශය වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් බවට පත්කර ගැනීම බවත් හසන් අ‍ලී මහතා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)