May 19, 2024

රනිල්ට විරුද්ධ ටෙලි නාට්‍ය 'රිතූ'(මෙන්න ඇත්ත)

November 04, 2014

පසුගියදා වෙබ් අඩවි රැසක් වාර්තා කලේ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කර ගනිමින් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය වීමට නියමිත බවයි. 88-89 ධවල භීෂණ සමයේ සපුගස්කන්දේ බටලන්ද වධකාගාරය පදනම් කර ගනිමින් නිපදවෙන මෙම ටෙලි නාට්‍යයේ පසුතල නිර්මාණ මේ වන විට හම්බන්තොට රන්මිණිතැන්න චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගම්මානයේ ඉදිවෙමින් පවතින බවත් එම අඩවි වාර්තා කලා. ඊට අනුව රනිල්ට විරුද්ධව නිර්මානය කෙරෙන මඩ ටෙලි නාට්‍යය ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වූවාට පසුව විකාශය කිරීමට කටයුතු යොදා ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

නමුත් එම ධවල භීෂණ තේමාවට පෙර වෙනත් ටෙලි නාට්‍යයක් හොර රහසේම වැඩ අල්ලා ඇති බව අද අපට දැකගන්නට ලැබුනා. ඒ අද දිනයේ (4) සිට ස්වාධීන රූපවාහිනියේ සතියේ දිනවල රාතී‍්‍ර 8 ට විකාශය වන ‘රිතූ‘ ටෙලිනාට්‍යයයි. මතුපිටින් පේ‍්‍රම කතාවක් පදනම් කරගෙන එය වටා පසුගිය යුධ සමයත්, එකල මිනිසුන් විදි දුක් පීඩාවන් ආණ්ඩුව සමනය කල හැටිත් අතුරු චරිත උපයෝගී කොටගෙන කතාව දිගහැරෙයි. පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රට පාවා දුන් බව චරිත ආධාරයෙන් පවසමින් ඇතැම් චරිත හැසිරෙයි. හිටි හැටියේ බෝම්බ පිපිරෙමින් පැවති එකල සාමාන්‍ය ජනතාව බියෙන් ඇලලුනු කාලය මතකයට නංවමින් දැන් විදින නිදහස පිළිබදව කතාවේ තවත් තැනෙක කියැවෙන ආකාරයෙන් මහේෂ රත්සර මද්දුමආරච්චි තිර රචනය කොට ඇත.

හිටි හැටියේ ස්වාධීන රූපවාහිනියේ මෙවැනි තේමාවකින් යුත් කතාවක් විකාශය වූයේ ඇයිදැයි පේ‍්‍රක්ෂකයින්ට එකවරම නොවැටහෙන්නේ කතාව පිළිබදව ගිය පූර්ව ප‍්‍රචාරක කටයුතු නිසාවෙනි. මන්ද මෙම ටෙලිනාට්‍යයේ නම බොළද නවකතාවක නමක් මෙන් ‘රිතූ‘ ලෙස යොදා ඇත. එවිට පේ‍්‍රම කතාවක් බලන්නට රූපවාහිනිය ඉදිරියේ ඉදගන්නා ඔබට පේ‍්‍රමකතාවක් පෙන්වන අතරම සූක්ෂම මැතිවරණ ප‍්‍රචාරණ කටයුත්තක් මෙම ටෙලිනාට්‍ය හරහා දැන්මම කරන්නට පටන්ගෙන ඇතිබව වැටහෙන්නට තවත් කොටස් කිහිපයක් විකාශය වීමම ප‍්‍රමාණවත්ය.

බටලන්ද ටෙලිනාට්‍යයේ මූලික වැඩකටයුතු සඳහා රජය මගින් මේ වන විට රුපියල් මිලියන 25 (ලක්ෂ 250) ක් මුදා හැර ඇති බවයි පැවසෙන්නේ. ඊට අමතරව මෙහි අධ්‍යක්ෂකවරයා බව පැවසෙන්න ජැක්සන් ඇන්තනිය. මෙම කුප්‍රකට බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් 90 දශකයේ මැද භාගයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව පොදු ජන එක්සත් පෙරමුණු රජය විසින් චෝදනා නැගුණු අතර, කොළඹ මහාධිකරණයේ පැවති නඩු විභාගයකින් අනතුරුව ඒ මහතා සියළුම චෝදනා සම්බන්ධයෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබීය. ඒ අනුව රන්මිණිතැන්නේ බටලන්ද වධකාගාරය හදනා ජැක්සන්ට කලින් ‘රිතූ‘ වැට පැන ඇත.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 05 November 2014 09:44