April 28, 2024

"ඉල්ලා අස්වුණා නම් හොඳයි" - ඇමති තුන් කට්ටුව ගැන ජනපති සිය මතය කියයි Featured

December 28, 2021

ජනපතිවරයා ඊයේ (27) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වුණා.

එහිදී ඔහු මේ වන විට අධිකරණය දක්වා ගොස් තිබෙන මතභේදාත්මක යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පල කර තිබෙනවා.

කැබිනට් සාමූහික වගකීම

එහිදී ඇමරිකාවේ නිව් ෆොට්‍රස් සමාගම සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී කැබිනට් මණ්ඩල ඇමතිවරුන් තිදෙනකු සාමූහික වගකීම කඩ කර ඇති බවයි ජනපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

ඒ නිසා ඔවුන් තිදෙනා අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වීම වඩාත් හොඳ බවයි ජනපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ.

එම සාකච්ඡාවේදී ජනපතිවරයා මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා රණසිංහ ප්‍රේමදාස රජයේ ඇමතිවරුන් ලෙස සිටී ලලිත් ඇතුලත්මුදලි හා ජී.එම්.ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන් කැබිනට් සාමූහික වගකීම කඩ කිරීම සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුවද මතක් කර තිබෙනවා.

ඉලක්ක කළ ඇමතිවරුන් තිදෙනා

ජනපතිවරයා මෙසේ සඳහන් කර තිබෙන්නේ විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් පිළිබඳවයි.

එම ඇමතිවරුන් තිදෙනා එම ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවට එරෙහිව අධිකරණයට දිවුරුම් ප්‍රකාශ ලබා දීම මණ්ඩල සාමූහික වගකීම කඩ කිරීමක් ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද අධිකරණය හමුවේ පෙන්වා දී තිබෙනවා.

එනිසා ඔවුන් තිදෙනා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම සඳහා අගමැතිවරයා නිර්දේශ කළ යුතු බවටද සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ තර්කයක්ද ඉදිරිපත් කළා.

ඔහු මේ බව පෙන්වා දුන්නේ අගරදගුරු කාදිනල් තුමන් හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින්.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 28 December 2021 00:59

Related items