April 28, 2024

"මොනවද මේ බණ්ඩාරවෙලට කරලා තියෙන්නේ" - ජනපති සභාපතිගෙන් අහයි

December 26, 2021

දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ උත්සවයකට ගිය ජනපතිවරයා එතනින් බණ්ඩාරවෙල නගරයටත් පැමිණ පැමිණියා.

ඒ කලින් දැනුම් දීමකින් තොරව.

අසතුටුදායක තත්ත්වය

ජනපති එසේ ගියේ "සියක් නගර සංවර්ධන" ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරවෙල නගරයේ ලබා ඇති ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට.

එහෙත් එහිදී බලාපොරොත්තු නොවූ තත්ත්වයකට මුහුණ දීමට ජනපතිවරයාට සිදුවුණා.

ඒ සතුටු විය හැකි අයුරින් බණ්ඩාරවෙල නගරය තුළ තුළ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට නොමැති නිසා.

එහිදී ජනපතිවරයා සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේ වහාම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව දුරකථනයට ගන්නා ලෙසත් බණ්ඩාරවෙල නගරාධිපතිට මේ ස්ථානයට එන ලෙසටත් දැනුම් දෙන ලෙසටයි.

සභාපතිට දුන් පණිවිඩය

ටික වේලාවකින් නගරාධිපතිවරයා ඒ ස්ථානයට පැමිණි අතර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා දුරකථනයට සම්බන්ධ කර ගැනීමට ජනපතිවරයාට හැකි වුණා.

"ඔයගොල්ල ගැන විශ්වාසය තබන තමයි සියක් නගර වැඩ සටහනට බණ්ඩාරවෙල ඇතුළත් කළේ .මොනවද මේ කරලා තියෙන්නේ.වතුර පාරවල් ගලාගෙන යනවා.කාණු පද්ධති හරියට නැහැ.කිසි පිළිවෙළක් නැහැ."

ජනපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ආමන්ත්‍රණය කර තිබෙන්නේ ඒ ආකාරයට.

නාගරික සංවර්ධන අධිකාරිය තිබෙන්නේ ආචාර්ය නාලක ගොඩහේවාගේ අමාත්‍යංශය යටතේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 26 December 2021 10:27

Related items