April 27, 2024

ලංකාවට අලුතින් රාජ්‍ය තාන්ත්‍රිකයෝ 17දෙනෙක් (PHOTOS)

December 22, 2021

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11දෙනෙක් සහ මහ කොමසාරිස්වරු 06දෙනෙක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා.

ඒ අනුව ඊජිප්තුව, ඉන්දුනීසියාව, ජෝර්දානය, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය, හංගේරියාව, මොරිටේනියාව, ටියුනීසියාව, ආජන්ටිනාව, ඩොමිනිකා ජනරජය, ස්පාඤ්ඤය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරු පත්ව සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේ.  

සියෙරා ලියෝන්, රුවන්ඩාව, බොස්ට්වානාව, මෝල්ටාව, ගයානා ජනරජය සහ නයිජීරියාව සඳහා නව මහ කොමසාරිස්වරු පත්ව සිටිනවා.

  1. සියෙරා ලියෝන්හි මහ කොමසාරිස් ලෙස අර්නස්ට් මයිම්බා මහතා (Ernest Mbaimba)
  2. ජෝර්දාන තානාපති ලෙස මොහමඩ් අල් - කේඩ් මහතා (Mohamed El- Kayed)
  3. ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජයේ තානාපති ලෙස චෝයි හුයි චෝල් මහතා (Choe Hui Chol)
  4. රුවන්ඩාවේ මහ කොමසාරිස් ලෙස මුකන්ගිරා ජැකලීන් මිය (Mukangira Jacqueline)
  5. බොස්ට්වානා මහ කොමසාරිස් ලෙස ගිල්බර්ට් ශිමේන් මැන්ගෝල් මහතා (Gilbert Shimane Mangole)
  6. මෝල්ටාවේ මහ කොමසාරිස් ලෙස රූබන් ගව්චි මහතා (Reuben Gauci)
  7. හංගේරියාවේ  තානාපති ලෙස අන්ද්‍රෙස් ලස්ලෝ කයිරලි මහතා (Andras Laszlo Kiraly)
  8. මොරිටේනියාවේ තානාපති ලෙස මොහමඩ් අහමඩ් රාරා මහතා (Mohamed Ahmed Rara)
  9. ටියුනීසියාවේ තානාපතිනිය ලෙස හයෙට් ටැල්බි බිලෙල් මිය (Hayet Talbi Bilel)
  10. ආජන්ටිනාවේ තානාපති ලෙස හියුගෝ හවියෙර් ගෝබි මහතා (Hugo Javier Gobbi)
  11. ගයානා ජනරජයේ මහ කොමසාරිස් ලෙස චරන්දාස් පර්සාද් මහතා (Charrandass Persaud)
  12. ඊජිප්තුවේ තානාපති ලෙස මගෙඩ් මොස්ලේ නෆෙයි මහතා (Maged Mosleh Nafei)
  13. ඩොමිනිකා ජනරජයේ තානාපති ලෙස ඩේව්ඩ් එමැනුවෙල් පග් මහතා (David Emmanuel Puig)
  14. නයිජීරියාවේ මහ කොමසාරිස් ලෙස අහමඩ් සුලේ මහතා (Ahmed Sule)
  15. ඉන්දුනීසියාවේ තානාපතිනිය ලෙස දේවි ගස්ටිනා ටොබින්ග් මිය (Dewi Gustina Tobing)
  16. ස්පාඤ්ඤයේ තානාපති ලෙස හෝසේ මරියා ඩොමින්ගස් මහතා (Jose Maria Dominguez)
  17. ස්ලෝවේනියාවේ තානාපතිනිය ලෙස මටේජා ගෝෂ් මිය (Mateja Ghosh)

 විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ප්‍රධාන සංධාන නිලධාරි තුෂාර රොද්‍රිගෝ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

Rate this item
(0 votes)

Related items