April 29, 2024

ණය ගන්න යමං IMF - ඇමැතිවරු තිදෙනෙකු එක පයින් කැමැත්ත දෙයි

December 20, 2021

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යෑම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දෙකට බෙදී ඇති බව වාර්තා වනවා.

මෙම දෙකට බෙදීම ඇතිව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී.

පක්ෂපාතී ඇමති තිදෙනා

අගමැතිවරයා ප්‍රධානත්වය ගෙන තිබෙන්නේ ජනපතිවරයා ඒ වන විට විදෙස් ගතව සිටීම නිසා.

මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමතිවරුන් තිදෙනෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ගැනීම සුදුසු බව යෝජනා කර තිබෙනවා.

ඒ පවිත්‍රා වන්නිආරච්චි , රමේෂ් පතිරණ හා අලි ෂබ්රි යන අමාත්‍යවරුන්.

විරෝධය පෑ ඇමැති දෙපළ

එහෙත් ඊට වාසුදේව නානයක්කාර හා බන්දුල ගුණවර්ධන යන ඇමතිවරුන් ඊට විරුද්ධ වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීමේදී ඔවුන් පනවන කොන්දේසි වලට යටවීම මත මුහුණ දෙන්නට සිදුවන තත්ත්වය ගුණවර්ධන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබෙනවා.

වැටුප් කප්පාදුව , ආර්ථික ප්‍රතිසංස්කරණ ආදී කොන්දේසි ඉටු කළ යුතු බව පෙන්වා දී ඇති අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගොස් චීනය හා ඉන්දියාව යන මිත්‍ර රටවල් වලින් මුදල් ගමු යැයි කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 19 December 2021 22:09