ගෑස් සම්බන්ධ සිද්ධීන් 22 ක් අද (18) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 47ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 792 ක් පොලිසියට වාර්තා වී තිබෙනවා.
මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 90 ක් පමණ ගෑස් ලිප්වලට සිදු වූ හානි බවත් පොලිසිය කියයි.
අගලවත්ත ප්රදේශයේ ලාෆ් ගෑස් භාවිත කරන නිවසක ගෑස් සිලින්ඩරයට සම්බන්ධ නළය පුපුරා යාමෙන් 51 හැවිරිදි කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කළා.
ගෑස් පිපිරීමේ අනතුරෙන් තුවාල ලැබූ කාන්තාව මෙසේ සඳහන් කළා,
"මම රොටි පුච්ච පුච්ච හිටියේ. එක පාරටම ගින්දර ගත්තා හෝ ගාලා. බටේ පුපුරලා විසික් වුණා.ගින්දර බිම දිගේ ඇවිල්ලා කකුල් දෙකට ආවා. කකුල් දෙක දැවිල්ලයි ඉන්න බැහැ."