May 06, 2024

ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

December 13, 2021

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වැනි ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් වාරාවසාන කර තිබෙනවා.

මීළග වාරය ආරම්භ වන්නේ 2022 ජනවාරි මස 18 දා පෙරවරු 10.00ටය.

වාර අවසාන කිරීම 

වාර අවසාන කිරීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබාගැනීම වන අතර මෙහිදි කථානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරගෙන යා යුතුය.

නව සැසිවාරයක් ආරම්භ කිරීමේ දී තේරීම් කාරක සභා නැවත පත්කළ යුතු අතර උසස් නිළ තල පිළිබඳ කාරක සභාව වාර අවසාන කර ඇති අවස්ථාවක වුවද අඛණ්ඩව ක්‍රියාත්මකය.

වාර අවසාන කිරීම අවසන් වී නැවත නව සැසිවාරය ආරම්භ වන විට එය ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘත කිරීමට ද නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභාවල කටයුතු අක්‍රීය වන අතර නව සැසිවාරය ආරම්භ කිරීමත් සමඟ එම කාරක සභා නැවත පත්කළ යුතු වෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 December 2021 01:35

Related items