May 17, 2024

ඉන්දිය ප්‍රබල ඇමති දෙපළ බැසිල්ට ගහපු ගේම

December 12, 2021

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය තුර ඔහුට බොහෝ අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදුවූ බව වාර්තා වනවා.

විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහතාටත් නොදන්වා කලින් සැලසුම් කළ ඉන්දීය සංචාරයේ වැඩ සටහන ඉන්දීය බලධාරීන් විසින් වෙනස් කර තිබුණා.

ප්‍රධාන ඇමැතිවරු දෙදෙන

බැසිල් රාජපක්ෂ මහතා සිය සංචාරයේදී සැලසුම් කර තිබුණේ ප්‍රථමයෙන් ඉන්දීය මුදල් ඇමතිවරිය මුණගැසී ඉන් පසුව විදේශ කටයුතු ඇමතිවරයා මුණ ගැසීමටයි.

ඔවුන් දෙපළම සිටින්නේ එකම ගොඩනැගිල්ලක වන අතර කලින් සැලසුම් කර ගත් පරිදි බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරිය වන නිර්මලා සීතාරාමන් මහත්මිය මුණ ගැසීමට ගියා.

එහෙත් එහිදී සිදුව තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා බලාපොරොත්තු නොවූ දෙයක්.

මුදල් ඇමතිවරිය සමග විදේශ කටයුතු අමාත්‍යවරයා වන එස්. ජයශංකර් මහතාද එම ස්ථානයේ සිට තිබෙනවා.

අනතුර තේරීම

දෙදෙනාම එකට සිටින්නේ මන්දැයි දේශපාලනය පිළිබඳ හොඳ ඉවක් තිබෙන බැසිල් රාජපක්ෂ මහතාට තේරුම් ගිය බවයි වාර්තා වන්නේ.

ඔහු සිතූ ආකාරයටම මුදල් ඇමතිවරියටත් වඩා අදහස් දක්වා තිබෙන්නේ විදේශ කටයුතු ඇමතිවරයා.

එහිදී ඔහු ශ්‍රී ලංකා හා ඉන්දියාව සමඟ ඇති කරගත් ඇතැම් එකගතා ක්‍රියාත්මක නොකර ශ්‍රී ලංකා රජය මග හැරි ආකාරය පිළිබඳව සෘජුවම සිය අදහස් පළ කර තිබෙනවා.

එම අදහස් වලට පදනම් වී තිබුණේ උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන විසඳුම , පළාත් සභා මැතිවරණය කල් දැමීම , කොළඹ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීම , පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් කිරීම ආදී එකගතා බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 December 2021 17:00