මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කාරුණික ඉල්ලීමක් කරනවා.
ඒ පිටි කිරි ගෙන ඒම සඳහා සඳහා යන මුදල ඉතිරි කර දෙන ලෙසටයි.
විශාල උපකාරයක්
එසේ කර දුන්නහොත් එය විශාල උපකාරයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඇමතිවරයා එම ඉල්ලීම කරන්නේ එසේ නොමැති වුවහොත් ඒ මුදල ලබාදීම සඳහා තව කොතැනකින් හෝ අඩු කිරීමක් කිරීමට සිදුවන බවද සඳහන් කරමින්.
වෙනත් කප්පාදුවක්
එසේ අඩු අඩු කිරීමක් කරන්ට සිදු වූවොත් ඒ සඳහා අත්‍යවශ්‍ය දෙයක් නතර කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා අනාවරණය කරනවා.
මේ වන විටත් වාහන, ටයිල්, මෙරට වගා කළ හැකි බෝග වර්ග 16 ක් ඇතුළු බොහෝ දේ රටින් ගෙන්වීම සීමා කර ඇති බවද අමාත්‍යවරයා මතක් කර දෙනවා.