රජයේ සහ අර්ධ රාජ්‍ය පාසල්වලට එළඹෙන උත්සව සමය වෙනුවෙන් මේ මස 23 වැනි බ්‍රහස්පතින්දා සිට සති දෙකක නිවාඩුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
එම සති දෙකක නිවාඩුවෙන් පසුව ලබන ජනවාරි මස 3 වැනිදා නැවත පාසල් ආරම්භ වන අතර මීට පෙර එම නිවාඩුව මේ මස 23 වැනිදා සිට 27 වැනිදා දක්වා දින හතරකට සීමා වී තිබුණා.