May 03, 2024

ජනතාව ඉන්නේ බියෙන් : රාජ්‍ය ඇමති පිළිගනි

November 30, 2021

ගෑස් සිලින්ඩර පිපිරීම එම සිලින්ඩර් පාවිච්චි කරන රටේ පවුල් වලින් 40%කට ප්‍රශ්නයක් බව විෂය භාර අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (30) පාර්ලිමේන්තුවේදී පිළිගත්තා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ගෑස් සිලින්ඩර පාවිච්චි කරන සෑම ගෙදරකම පිරිස පමණක් නොව කර්මාන්තශාලා අද සිටින්නේ බියෙන් බවයි.

බිය නැති කිරීම

ඒ බව ආණ්ඩුව දන්නා බවත් ඒ බිය ඇති කරගැනීමට ආණ්ඩුවක් හැටියට කටයුතු නොකරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (30) පාර්ලිමේන්තුව ආරම්භයේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෑස් සිලින්ඩර පිපිරීම සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙස.

රටේ ජනගහනයෙන් මිලියන හයක් ගෑස් භාවිතා කරන බව විපක්ෂ නායකවරයා එහිදී පෙන්වා දුන්නා.

පාරිභෝගික අධිකාරියේ වගකීම

ගෑස් සිලින්ඩර පිපිරීම නතර කර ගැනීමේ අවශ්‍යතාවයක් අමාත්‍යාංශය හා පාරිභෝගික සේවා අධිකාරිය හැටියට තමන්ට තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මේ ප්‍රශ්නය විසඳීම සඳහා පැය 24 පුරාම තමන් වෙහෙස මහන්සි වී වැඩ කරන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා මේ ප්‍රශ්නය මෙතන (පාර්ලිමේන්තුවේ) කීමෙන් ප්‍රශ්නයක්ද ඇතිවන බව අවධාරණය කරනවා.

එම ගෑස් සමාගම් වලට එරෙහිව නඩු පැවරීමේදී බවයි ඔහු සඳහන් කරන්නේ.

රජයේ ස්ථාවරය

රජය සිටින්නේ සමාගම් පැත්තේ නොව පාරිභෝගිකයා පැත්තේ බවද සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා මුලින්ම කිව්ව ආකාරයට එක් ගෑස් සිලින්ඩරයක්වත් පිපිරී නැති බවත් පෙන්වා දෙනවා.

එනිසා ගෑස් සිලින්ඩර පුපුරන්නේ නැති බව දැන් ස්ථිර බවත් සිදුවන්නේ වෙන යම් අඩුපාඩුවක් මත සිදුවන පිපිරීමක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

මෙතන ප්‍රශ්නයක් තිබෙන බව තමුනුත් පිළිගන්නා බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් කතා කර අවශ්‍ය උපදෙස් ලබා දුන් බවත් සඳහන් කළා.

ඒ අනුව එළඹෙන සිකුරාදා වන විට මේ සම්බන්ධයෙන් කෙටි කාලීන හා මධ්‍ය කාලීන වාර්තාවක් ජනපතිවරයා බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා හෙළි කරනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 November 2021 11:21