May 20, 2024

කුට්ටිආරච්චි මන්ත්‍රීට කතානායක අද බැහැ කියයි

November 22, 2021

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට අද (22) කතා කිරීමට ඉඩ දීමට නොහැකි බව කතානායකවරයා දැනුම් දුන්නා.

සමගි ජන බලවේග මන්ත්‍රීවරියක වන රෝහිණී කවිරත්න මහත්මිය මන්ත්‍රී වරප්‍රසාද යටතේ කළ ප්‍රකාශයට පිළිතුරු දීමට කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කිහිප වතාවක්ම කථානායක වරයාගෙන් අවසර ඉල්ලුවා.

මන්ත්‍රීවරියගේ කතාව අතරතුර

ඒ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය සිය කතාව කරගෙන යන අතරතුර.

කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා තමන්ට කළ අපහාසය කාන්තාවන්ට කළ අපහාසයක් ලෙස හුවා දක්වමින් කවිරත්න මහත්මිය කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට ඉතා දැඩි ප්‍රතිචාරයක් දැක්වූවා.

කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ ජාතකය මෙන්ම මව , බිරිඳ ගැනද සඳහන් කරමින් කවිරත්න මහත්මිය මනා සංයමයකින් යුතුව සිය කථාව කළේ කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ කතාව අනුමත කරනවාදැයි බැසිල් රාජපක්ෂ , දිනේෂ් ගුණවර්ධන යන සභාවේ සිටි ඇමැතිවරුන්ගෙන්ද විමසමින්.

අද බැහැ හෙට

ඒ අවස්ථාවේදී තමාටත් කවිරත්න මහත්මියට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව අවශ්‍ය බව කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කිහිප කතාවක්ම කථානායකවරයාගෙන් අවසර ඉල්ලුවා.

"අද බැහැ.හෙට දෙන්නම්" මෙන්ම "මන්ත්‍රීතුමා නිහඬ වෙන්න" යයිද කතානායකවරයා කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අමතා කිහිපවිටක්ම ප්‍රකාශ කරන අයුරු දක්නට ලැබුණා.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 November 2021 17:00