May 02, 2024

මෙවර රාජ්‍ය වියදමින් 64%ක් එක පවුලකට : ප්‍රමුඛතාවය ඒකද - අනුර කුමාර ප්‍රශ්න කරයි (VIDEO)

November 20, 2021

මෙවර අය වැයෙන් ඉදිරිපත් කර ඇති රාජ්‍ය වියදමින් 64% ක් රාජපක්ෂවරු වෙනුවෙන් වෙන් කර ඇති බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

රට ගොඩ නැගීමට නම් සියලු පාර්ශවවල සාමූහික වගකීමක් අවශ්‍ය බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා මේ ආණ්ඩුවට සාමූහික වගකීමකින් කටයුතු කිරීමට නොහැකි බව සඳහන් කළේ ඊට උදාහරණද පෙන්වමින්.

උදාහරණයට ගත් පවුල

ඒ ඇමති ධූර හතරක් හා රාජ්‍ය ඇමැති ධූරයක් දරන රාජපක්ෂ පවුල වෙත අය වැයෙන් වෙන් කර ඇති මුදල ඒ සඳහා ඔහු පෙන්වා දුන් උදාහරණය වුණා.

එක පවුලක් වෙත එවැනි මුදලක් වෙන් කළ විට කැබිනට් මණ්ඩලය තුළ සාමූහික වගකීමක් ඇති වන්නේ කෙසේදැයි ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා.

රු.මිලියන 5200 ක රාජ්‍ය වියදමින් රාජපක්ෂවරුන් නියෝජනය කරන්න අමාත්‍යාංශ වෙත 3470 ක් වෙන් කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

අනෙකුත් අමාත්‍යාංශ

එක පවුලක් වෙත වෙන් කර ඇති එම මුදල සමස්ත රාජ්‍ය වියදමින් 64% ක් බව පෙන්වා දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ අන් අමාත්‍යාංශ වලට වෙන් කර දී තිබෙන්නේ සූප්පු කර කර ඉන්න තිබෙන මස් කටු ආකාරයේ මුදලක් බවයි.

අධ්‍යාපන , සෞඛ්‍ය , කෘෂිකර්ම , ධීවර යන විෂයන් රටේ වැදගත්ම සංවර්ධන උපාය මාර්ග ලෙස සඳහන් කළ මන්ත්‍රීවරයා අය වැයෙන් මුදල් වෙන් කළ යුත්තේ ඒ සංවර්ධන උපාය මාර්ග වලට අනුව බවයි පෙන්වා දෙන්නේ.

කැබිනට් මණ්ඩලය තුළද කිසිදු සාමූහිකත්වයක් නැති බවත් ඇතැම් ඇමැතිවරු ඇතැම් කැබිනට් පත්‍රිකා දැක්කේ නැති බවත් තවත් ඇමැතිවරු එය දැක්කා බවත් සඳහන් කරන මන්ත්‍රීවරයා විශ්වාස කළ යුත්තේ කවුරුන්දැයි ප්‍රශ්න කරනවා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 November 2021 11:41