April 30, 2024

මේ ආණ්ඩුව දුවන්නේ "එදා වේල ටුවර්ස්" වගේ - විපක්ෂයේ මන්ත්‍රී හේතුත් කියයි

November 13, 2021

අද මෙරට පෞද්ගලික ඉතිරි කිරීම් මෙන්ම රාජ්‍ය ආදායම් කඩාගෙන වැටෙමින් තිබෙන බව කබීර් හෂීම් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා .

ඒ අනුව ඇත්තටම බලද්දි රට උපයනවාට වඩා වියදම් කරන බවයි සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

නිෂ්පාදනයට වඩා පරිභෝජනය

ඒ අය - වැය විවාදයට එක්වෙමින්.

මේ රටේ නිෂ්පාදනයට වඩා පාරිභෝජනය වැඩි වී ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඒ ප්‍රශ්නය මෙවර අය වැයෙන් ආමන්ත්‍රණය කර නොමැති බවට මන්ත්‍රීවරයා චෝදනා කරනවා.

මූල්‍ය අසමතුලිතතාවය

ඒ නිසා මේ මූල්‍ය අසමතුලිතතාවයට විසඳුමක් දීමට රජය අපොහොසත් වී ඇති බවයි හෂීම් මහතා පෙන්වා දෙන්නේ.

පසුගිය වසර දෙක තුළත් එය නොකළ බවත් මෙවර අය වැයෙන් ද එය කර නොමැති බවයි මන්ත්‍රීවරයාගේ මතය වන්නේ.

මේ සඳහා ස්ථිර ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍ය බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා එවන් ප්‍රතිපත්ති රාමුවක් මේ ආණ්ඩුවට නොමැති බවද සඳහන් කරනවා.

මේ ආණ්ඩුව දුවන්නේ එදා වේල ටුවර්ස් හැටියටයි මන්ත්‍රීවරයා හඳුන්වන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 13 November 2021 16:30