April 30, 2024

"සෞභාග්‍යය දැක්ම" 50% ක් ඉටු කර අවසන් : රාජ්‍ය ඇමතිගේ හෙළිදරව්ව

November 13, 2021

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මෙවර අය - වැය හරහා ජනතාව හමුවේ තැබුවේ ජනපතිවරයාගේ "සෞභාග්‍ය දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන යෝජනා බව රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අය - වැය විවාදයට එක්වෙමින්.

ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා "සෞභාග්‍ය දැක්ම තුළින්" දුන් පොරොන්දු වලින් මේ වන විටත් 50% ක් ඉටු කර හමාර බවද මන්ත්‍රීවරයා හෙළිදරව් කරනවා.

ගුරු වැටුප් පොරොන්දුව

ගුරු වැටුප් විෂමතාවයද සෞභාග්‍යය දැක්ම තුළින් ඉදිරිපත් කර තිබෙන බවත් ඒ සඳහා විසඳුමක් මේ වන විට ලබා දී අවසන් බවත් රණසිංහ මහතා සඳහන් කරනවා.

පසුගිය කාලය තුළ උසුළු විසුළුවට ලක් කළ වියළි ආහාර මල්ල ලබා දීමේ පොරොන්දුවද මෙවර අය - වැය තුළින් ලබා දීමට කටයුතු යොදා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කොවිඩ් වසංගතය හමුවේ අසරණ වූ ත්‍රීවිල් , පාසල් බස් ක්ෂේත්‍ර වෙත සිදුවූ පාඩුව මෙවර අය වැයෙන් ලබා දීමට කටයුතු යොදා තිබෙන බවයි රණසිංහ මහතා සඳහන් කරන්නේ.

පාරවල් හදන්නේ කන්නද

සංවර්ධනය කිරීමට නම් මහා මාර්ග පද්ධතිය සැදිය යුතු බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා හිටපු ජනපතිවරයා පාරවල් කාපට් කරන්නේ කුමකටදැයි ප්‍රශ්න කළ අයුරුද මතක් කර දුන්නා.

එසේ පාරවල් හදන්නේ කන්නදැයි හිටපු ජනපතිවරයා ඇසූ බවත් රණසිංහ මහතා සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 November 2021 16:25

Related items