April 30, 2024

චීන පොහොර සමාගමේ එන්තරවාසිය නීතිපති හමුවට

November 13, 2021

මතභේදයට තුඩු දී තිබෙන කාබනික පොහොර රැගත් නෞකාව අයත් සමාගම විසින් නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමට නියමිතව තිබෙනවා.

ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත අදාළ සමාගම විසින් පසුගියදා අමෙරිකානු ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබුණා.

එම එන්තරවාසිය පසුගිය 9 වනදා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත ලැබුණු අතර ඒ අනුව අදාළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා.

අහිතකර බැක්ටීරියා අඩංගු වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් චීන සමාගමක් විසින් මෙරටට එවන ලද කාබනික පොහොර තොගය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට රජය පසුගියදා පියවර ගත්තේ ජාතික ශාක නිරෝධායන සේවය විසින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි.

Rate this item
(0 votes)