April 30, 2024

2022 අයවැය ඉදිරිපත් කිරීම ඇරඹෙයි (LIVE)

November 12, 2021

නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා.

ගොලීය අර්බුද පහක් අභියට අය වැය ඉදිරිපත් කරන බව මුදල් ඇමති අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළා.

පසු කොවිඩ් තත්ත්වය ජයගනිමින් වෙළෙඳපොළ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් බවට පත්කර ගැනීමේ වැඩ පිළිවෙලක් පදනම් කර ගනිමිනුයි මෙවර අයවැය සකස් කර ඇත්තේ.

මෙය වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය වන අතර අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවර අයවැය ඉදිරිපත් කිරීමත් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් අයවැය ඉදිරිපත් කළ'පළමු අවස්ථාව ලෙස මය මෙරට ඉතිහාසයට එක්වනවා.

අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙටින් ආරම්භ වී දින 7ක් පැවැත්වෙන අතර දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා සිදුකෙරෙනු ඇති.

2022 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 7 වැනිදා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම වන්නේ රුපියල් බිලියන 5128ක්.

සජීව විකාශය පහතින්,

Rate this item
(0 votes)