April 30, 2024

අයවැය ගැන මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්! වාහන ගැන ගෙන්වීම ගැන අදහස් අරන් නෑ

November 12, 2021

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.

ඔහු කියා සිටියේ, සංවර්ධනය හා සාර්ව ආර්ථික සාධක වර්ධනය අරමුණු කරගනිමින් මුදල් අමාත්‍යවරයා විසින් අයවැය ඉදිරිපත් කරනු ඇති බවයි.

කොරෝනා වසංගතය හමුවේ ආර්ථික ක්‍රියාකාරකම් සීමා වීම හේතුවෙන් දැඩි බලපෑමට ලක් වූ තවත් ක්ෂේත්‍රයක් වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයි. අයවැය පිළිබඳවද ඔවුන්ද පසුවන්නේ අපේක්ෂා සහගතවයි.

මේ අතර මෝටර් වාහන ආනයනයේදී දැනට පනවා ඇති සීමා ලිහිල් කරනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙවර අයවැයේදී බොහෝ දෙනෙකු වැඩි අවධානයකින් පසුවන කරුණක්.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙරටට වාහන ආනයනය මුළුමනින්ම නතර කර තිබෙනවා.

ඒ අනුව රට තුළ මෝටර් වාහන මිල ගණන්වල කැපී පෙනෙන ඉහළ යෑමක්ද සිදු වුණා.

මේ, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික මෙරෙන්චිගේ මහතා අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, මෙවර අයවැය යෝජනා සකස් කිරීමේදී තම සංගමය ඇතුලු ක්‍ෂේත්‍ර කිහිපයකට කැඳවීම් නොලැබුණු බවයි.

වතු කම්කරු වැටුප් වැඩි කිරීම සහ පොහොර ගැටලුව හේතුවෙන් මෙරට වැවිලි කර්මාන්තය තුළ ද යම් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

අපනයන ආදායමට 20%කට වැඩි දායකත්වයක් ලබාදෙන්නේ වැවිලි ක්ෂේත්‍රයයි.

Rate this item
(0 votes)