April 30, 2024

"එක රටක් - එක නීතියක්" වැඩ අල්ලයි: පළමුව ජනතාවට අවස්ථාව

November 12, 2021

එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මේවන විට වැඩ අරඹා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ - එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පත්කර ඇති එම ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මහජන අදහස් විමසීමට තීරණය කර තිබෙනවා.

ආයතන, කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් ලබා දීමට බලාපොරොත්තුවන අදහස් හා යෝජනා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකර හැකියි.

එසේම තැපැල් මාර්ගයෙන් යොමුකරන ලිපි ලේකම්, එක රටක් එක නීතියක් සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය, තැ.පෙ. 504, කොළඹ යන ලිපිනයට යොමුකිරීමේ හැකියාවද පවතිනවා.

එම අදහස් හා යෝජනා 2021 නොවැම්බර් 30 ට පෙර ලබා දිය හැකි බව එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

ශ්‍රී ලංකාව තුළ - එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සඳහා ජනපතිවරයා විසින් එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කරන ලදී.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස පත්කර තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 12 November 2021 12:21

Related items