May 02, 2024

අනතුරු ඇඟවීම් නොසලකා හැරියොත් වැඩ වරදී

November 10, 2021

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයාම් රතු නිවේදන නිකුත් කර ඇති ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ, පොලීසිය සහ අධිකරණය එක්ව එම පුද්ගලයින් නාය යාමේ අනතුරු ඇගවීමේ ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්වුවා, 

කෙසේවෙතත් පසුගිය දින 10 තුළ ලංකාවේ දිස්ත්‍රික්ක 17ක් නම් වශයෙන් බදුල්ල, නුවරඑළිය මාතලේ, ගම්පහ, කොළඹ, මන්නාරම, රත්නපුරය, කළුතර, පුත්තලම, අනුරාධපුරය, යාපනය, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, කිලිනොච්චිය, මුලතිවු සහ වව්නියාව කියන මෙම දිස්ත්‍රික්කයන් වල ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස 126කට මෙම ආපදා තත්ත්වය බලපෑවා.  මියයෑම් මේවන විට 20ක් අපිට වාර්තාවෙලා තියෙනවා. අතුරුදන්වීම් එකක් තුවාල ලැබූ සංඛ්‍යාව 5ක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව මිතුරන් සහ ඥාතීන් යන ක්‍රමවේදය යටතේ පවුල් 1,020ක් ඉවත්වෙලා තියෙනවා.  පුද්ගලයින් සංඛ්‍යාව 3,537ක් කෙසේවෙතත් සම්පූර්ණ බලපෑමට ලක්වූ සංඛ්‍යාව මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 126 තුළ පවුල් 17,481ක් පුද්ගලයින් 62,247ක් එතකොට මේ පසුගිය දින කිහිපය තුළ ආපදා තත්ත්වය අනුව පූර්ණ හානි සිදුවූ නිවාස 18ක් වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව අර්ධ හානි සිදුවූ නිවාස 960ක් වාර්තාවෙලා තියෙනවා. සහන සැලසීම සම්බන්ධයෙන් කථා කළහොත් මේ සහන මධ්‍යස්ථාන අපි ලංකාවේ දාලා තියෙන අනුව නුවරඑළය, කළුතර, බදුල්ල, ගාල්ල, මන්නාරම, ගම්පහ සහ යාපනය කියන ප්‍රදේශයන් හි දාලා තියෙනවා. මේ සියලුම සහන මධ්‍යස්ථාන සඳහා අවශ්‍යකරන සියලුම දෑ සැපයීමේ කටයුතු සිදුකරනවා. ඊට අමතරව ආපදාවට ලක්වූ මෙම 62,240යටම ඒ ප්‍රාදේශිය ලේකම් කොට්ඨස මට්ටමින් සහ ග්‍රාම නිලධාරී මට්ටමින් ලබාදිය යුතු දේවල් සහ ඒ සහන ලබාදීමේ කටයුතු සිදුකරනවා." 

"වසංගත තත්ත්වය හා ආපදා තත්ත්වය තිබියදී විනෝද ගමන් යන කණ්ඩායම් ඉන්නවා. ගිය සිකුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ කන්දක් තරණය කරන්න ගිය තරුණියන් සහ තරුණ කණ්ඩායමක් අපිට හමුවුණා. ඔවුන් අතරමං වුණා කියලා මහ රාත්‍රියේ අපිට දුරකථ ඇමතුම් දෙනවා. එතටකාට ඔවුන් ඔවුගේ ජීවිත උඳුරට පත්වෙනවා පමණක් නෙමෙයි ඔවුන්ව සොයා බැලීමට පැමිණෙන අයගේ ජීවිතත් අවධානමට ලක්කරනවා. ඒ අනුව මින් ඉදිරයේදී  එනැනි අපරික්ෂාකාරීව අපි කියන උපදෙස් අනුව කටයුතු නොකරණ සහ ඒ ආකාරයට අනවසරයෙන් කැළෑවලට ගිහින් විනෝද වන අයට ඒ වාගේ අතරමං වුණා කියලා හිරවෙන කට්ටිය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරනවා. ඊට අමතරව නායයෑම් සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කරලා තියෙද්දි ඉවත්වෙන්නේ නැති කණ්ඩායම් ඉන්නවානම් ඉතාමත් පැහැදිලිවම අපි පොලිස්පතිතුමාටත් මේ සම්බන්ධයෙන් දැනුවත්කරලා තියෙනවා. අවවාද පිළිනොගන්නේ නම්, ඉවත් නොවන්නේ නම් දිසාපතිවරුන්ට බලය පවරලා තියෙනවා. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරලා තියෙනවා.  අනිවාර්යෙන්ම පොලීසිය යොදවලා උසාවි මාර්ගයෙන් බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීමක්  සිදුවෙනවා. ඒක අපිට ජාතික ආරක්ෂාව අනුව කරන්න සිදුවෙනවා."

Rate this item
(0 votes)