May 02, 2024

විදෙස් ආයෝජකයින්ට උතුරේ දොර අරී

November 10, 2021

තමා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් පත්වු දින සිට දවසේ වැඩි කාලයක් සහ සතියේ උපරිම දින ප්‍රමාණයක් තම පලාත් ජනතාව වෙනුවෙන් සේවය කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා පවසනවා.

විශේෂයෙන් උතුරු පළාත් සංවර්ධන සහ ප්‍රවර්ධනය කටයුතු කටයුතු වලදී එයට මුලිකත්වය දී කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

රජය විසින් ලබාදෙන සියලු සහන උතුරේ ජනතාවට ලබා දී ජනතාවගේ ජීවන බර දුරු කිරීමටත් ජනතාවගේ ප්‍රශ්න ගැටලු වලට සවන්දී එයට විසදුම් ලබාදීමට කටයුතු කරන බව හෙතෙම ප්‍රකාශ කරනවා.

සාමය,සතුට රැකගෙන සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් ප්‍රදේශයේ පෞරාණික වටිනාකමකින් යුත් සියලු දේ ආරක්ෂා කර ගනිමින් අපගේ පරිසරය අලංකාරවත් වය රැකගෙන ස්වභා සෞන්දර්ය තුල ජීවත් වීම තුළ සුභවාදී ආකල්ප ඇතිවන බවත් එය තුලින් ජීවිතය ජයගත් හැකි බවත් ආණ්ඩුකාරවරයා කියා සිටියා.

ආයෝජනයන් ට උතුරු පළාත තුළ හොද වේදිකාවක් සැදී ඇති බවත් එතෙර සිටින ආයෝජකයින්ට උතුරු පළාත තුළ නව ව්‍යාපාර ආරම්භ කිරීමට ආරාධනා කරන බවත් ජීවන් ත්‍යාගරාජා මහතා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 11:29