May 01, 2024

වාහන දඩ සහන කාලය දින 4කින් අවසන්

November 10, 2021

ඉකුත් වූ රථ වාහන දඩ පත්‍රිකා සඳහා දඩ මුදල් ගෙවීමට ලබාදී තිබූ සහන කාලය අවසන් වීමට නියමිතව තිබෙනවා.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් අදාළ දඩ මුදල් ගෙවීමට මෙම සහන කාලය තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් ලබාදී තිබුණා.

මෙම මස 14 දායින් අදාළ සහන කාලය අවසන්වන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළා.

ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ ඔක්තෝබර් 31 වැනිදා සිට කරන ලද රථවාහන වැරදි සඳහා දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් රහිතව මෙම මස 14 වැනිදා දක්වා අයකර ගන්නා අතර ඉන් පසුව දින 28 ක් දක්වා අතිරේක දඩ මුදල් අයකර භාර ගැනීම සිදුකරන බව යි.

එමෙන්ම නොවැම්බර් මස 01 වැනිදා සිට කරන ලද වැරදි සම්බන්ධ රථවාහන දඩ පත්‍රිකා සාමාන්‍ය පරිදි දින 14ක් ගණනය කර දඩ මුදල් භාරගැනීම සිදු කරන බවත් දින 28ක් දක්වා වූ රථවාහන දඩ මුදල් අයකර භාරගැනීම සිදු කරන බවත් ඔහු පවසනවා.

කෙසේ වෙතත් දින 28ක කාල සීමාව ඉක්මවූ රථවාහන දඩ පත්‍රිකා භාර නොගන්නා බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 November 2021 09:22

Related items