May 01, 2024

අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන ඉහළට

November 10, 2021

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම මරණ බදුල්ල, මාතලේ, මුලතිව්, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 105කට බලපෑම් එල්ල වී තිබෙනවා.

ඉන් පවුල් 8820කට අයත් පුද්ගලයින් 23,638 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ හේතුවෙන් නිවාස 18ක් සම්පූර්ණයෙන් හානියට පත්ව ඇති අතර තවත් නිවාස 960කට අර්ධ හානි සිදුව තිබෙනවා.

පීඩාවට පත්වූ පවුල් 385ක පුද්ගලයින් 1671 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 19ක මේ වන විට රඳවා ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර දිස්ත්‍රික 11ක් සඳහා නිකුත් කර තිබූ නායයාමේ අවදානම් නිවේදනය අද රාත්‍රි 09.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.

Rate this item
(0 votes)