May 01, 2024

"රනිල් අද ඉන්න ඕනේ හිරේ" - ඉත්තෑකන්දේ හිමි හේතුව කියයි

November 10, 2021

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සිටිය යුත්තේ සිරගෙදර බව රාවණා බලයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

ඊට හේතුව දක්වමින් උන්වහන්සේ සඳහන් කරන්නේ "රනිල් වික්‍රමසිංහ උන්නැහේ මේ රටේ පාලකයා හැටියට ඉන්න කලේ මිලේනියම්සිටි එකේ හිටියා බුද්ධි අංශ නිලධාරීන්. ඒ බුද්ධි අංශ නිලධාරීන්ව පාවලා දුන්නා රනිල් මරන්න ආවා කියලා. රනිල් මරන්න ආවා කියලා පාවලා දීලා බුද්ධි අංශයව එතන 12දෙනෙක් ඝාතනය වුණා මේ රටේ දක්ෂ බුද්ධි අංශ නිලධාරීන්. එහෙනම් අද රනිල් ඉන්න ඕනේ හිරේ. මේ රටේ බුද්ධි අංශ නිලධාරීන් 12දෙනෙක් හෙළි කරලා ඝාතනය කිරීමට සහය දැක්වීම යන කරුණ මත රනිල් ඉන්න ඕනේ හිරේ."

ඊයේ (09) මාධ්‍ය හමුවක් කැඳවීම් උන්වහන්සේ මේ බව අනාවරණය කළා.

එහිදී උන්වහන්සේ මෙසේ ද සඳහන් කළා.

"රනිල් වික්‍රමසිංහ උන්නැහේ මේ රටේ පාලකයා හැටියට ඉන්න කලේ මිලේනියම්සිටි එකේ හිටියා බුද්ධි අංශ නිලධාරීන්. ඒ බුද්ධි අංශ නිලධාරීන්ව පාවලා දුන්නා රනිල් මරන්න ආවා කියලා. රනිල් මරන්න ආවා කියලා පාවලා දීලා බුද්ධි අංශයව එතන 12දෙනෙක් ඝාතනය වුණා මේ රටේ දක්ෂ බුද්ධි අංශ නිලධාරීන්. එහෙනම් අද රනිල් ඉන්න ඕනේ හිරේ. මේ රටේ බුද්ධි අංශ නිලධාරීන් 12දෙනෙක් හෙළි කරලා ඝාතනය කිරීමට සහය දැක්වීම යන කරුණ මත රනිල් ඉන්න ඕනේ හිරේ. ඒ වෙනකොට ඒ ආණ්ඩුවේ හිටපු උන්නැහේලා ඉන්න ඕනේ අද හිරේ. ලොකුවට මේ මාධ්‍ය වලට ඇවිල්ලා බුද්ධි අංශ රනිල් මරන්න ආවා කියලා. රනිල් මරනවා නම් ඕනේ කෙනෙකුට  මරන්න තිබ්බා. කාටවත් එහෙම රනිල්ව මරන්න අදහසක් නැහැ. හැබැයි ඒ වෙලාවේදී බුද්ධි අංශ නිලධාරීන් හෙළි කිරීම නිසා 12දෙනෙක් මරණයට පත් වුණා. ඊට පස්සේ 2015 - 2016 ආණ්ඩුව ආවා. ආවට පස්සේ ඔය දෙවැනි එල්.ටී.ටී.ඊය ව්‍යාප්ත කල දෙවැනි එල්.ටී.ටී.ඊ නැගිටීම නතර කරන්න දැවැන්ත මෙහෙයක් කාපු බුද්ධි අංශ නිලධාරීන් ඔක්කොම අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන හිරේ දැම්මා."

"සියලුම නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් හිරේ දැම්මා. යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් හිරේ දැම්මා. මේ විදියේ දැවැන්ත අපරාධයක් කළා මේ බුද්ධි සේවාවන් වලට. ඒ බුද්ධි සේවා වෙනුවෙන් පෙනී සිටි හාමුදුරුවන් 48ක් හිරේ දැම්මා. හාමුදුරුවරු හිරේ දානකොට එක පල්ලියක් කතා කලේ නැහැ අනේ මේ හාමුදුරුවෝ හිරේ දාන්න එපා කියලා. එක ප්‍රකාශයක් කරනවා අපි දැක්කේ නැහැ. හැබැයි සිරිල් ගාමිණී අත්අඩංගුවට ගන්නවා කියලා බොරු ප්‍රචාරයක් යවලා කටඋත්තරයක් දෙන්න කිව්වම ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ තරම් ඉන්නවා බෞද්ධයෝ.  හැබැයි හාමුදුරුවරු 48ක් හිරේ දැම්මා කවුරුත් කතා කලේ නැහැ. ඒ බුද්ධි අංශ අඩපන කිරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි සහරාන් ප්‍රහාර එල්ල කලේ. යුධ හමුදා බුද්ධි සේවය, නාවික හමුදා බුද්ධි සේවය ඇතුළු මේ රටේ බුද්ධි සේවාවන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයක ප්‍රතිඵලයක් විදියට තමයි මේ ප්‍රහාරයන් එල්ල වෙන්න හේතුව කියන එක අපි පැහැදිලිවම කියනවා."

Rate this item
(2 votes)
Last modified on Tuesday, 09 November 2021 21:50