May 01, 2024

මුතුරාජවෙල දූෂිත ගනුදෙනුව පිටුපස සිටින්නේ රාජ්‍ය නිලධාරීන් - රාජ්‍ය ඇමතිගෙන් චෝදනා

November 09, 2021

මුතුරාජවෙල භූමියෙන් මැල්වත්ත දේපල සංවර්ධන සමාගමට පර්චස් එක රුපියල් 500 ගානේ පර්චස් 65,102 කට සල්ලි බැඳීම පිටුපස තිබෙන රාජ්‍ය නිලධාරීන්ගේ වංචාව දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා.

ඒ සඳහා එම සමාගම ආයතන 16 කින් අනුමැතිය ගත යුතු බව පෙන්වා දෙන ජයසේකර මහතා එම ආයතන 16 නිලධාරීන් මෙච්චර කළේ කුමක්දැයි ප්‍රශ්න කරනවා.

දූෂිත ගනුදෙනුව පිටුපස

මේ දුෂිත ගණුදෙනුවට ගම්පහ ගොවිජන සංවර්ධන නිලධාරියා උදව් කර තිබෙන බව හෙළි කරන රාජ්‍ය අමාත්‍යවරයා ඔහුට කෝප් කමිටුව ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නත් ඔහු නොපැමිණි බව පෙන්වා දෙනවා.

මේ සඳහා අනුමැතියදී තිබෙන්නේ මේ ගොවිජන සේවා නිලධාරියා බවයි ජයසේකර මහතා සඳහන් කරන්නේ.

මැල්වත්ත සමාගම මේ වන විට මුදලුත් බැද සියල්ල කර තිබෙන්නේ මේ ආයතන 16යේ කිසිදු අනුමැතියකින් තොරව බව ජයසේකර මහතා අනාවරණය කරනවා.

කතෝලික ප්‍රජාව

මේ වන විට එය නාගරික සංවර්ධන අධිකාරියෙන් ගැසට් කර තිබෙන බවත් දැන් ඊට එරෙහිව ගම්පහ දිස්ත්‍රික්කයේ මුළු කතෝලික ප්‍රජාවම පාරට බැස ඇති බව සඳහන් කරනවා.

මේ ප්‍රශ්නය දුරදිග යන ආකාරයට කටයුතු කළේ දේශපාලනඥයා නොව රාජ්‍ය නිලධාරීන් බවටයි ජයසේකර මහතා චෝදනා කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 November 2021 16:05