May 06, 2024

අයවැය තීරණාත්මකයි! ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පෙරළියකට සූදානම්

November 09, 2021

අයවැය විවාදයට පෙර ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එහිදී යුගදනවි බලාගාරයේ ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ වනවිටත් එම ගිවිසුමෙහි සංශෝධනය විය යුතු කරුණු සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා දැනුවත් කර ඇති තිබෙන බවයි හවුල්කාර පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පැවසූවේ.

සංශෝධනය විය යුතු තවත් කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බවයි එම මන්ත්‍රීවරයා සදහන් කළේ.

සමගි ජන බලවේග පාර්ලමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පැවසූවේ ආණ්ඩුවේ පිරිස් සමගි ජන බලවේගයේ අර්බුදය පිළිබදව ඇතැම් අවස්ථාවලදී තමන් සමග කතා කරන බවයි.

ඉදිරියේදී 2022 සදහා ගෙන ඒමට නියමිත අයවැය යෝජනාවේදී ආණ්ඩුවට තවත් පිරිසකගේ සහය අවශ්‍ය වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 11:19