ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇරයුමක් මත දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් එරට සංචාරයක් සඳහා සූදානම් වන බව වාර්තා වනවා.
දේශපාලන කරුණු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කළේ.
ජනාධිපති නීතීඥ කේ. කනගීස්වරන් සහ ආචාර්ය නිර්මලා චන්ද්‍රහාසන් ද සුමන්දිරන් මන්ත්‍රීවරයා සමඟ ඇමරිකානු සංචාරයට එක්වනු ඇති.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ පවත්වන සාකච්ඡාවේදී බලය බෙදාහැරීමේ ෆෙඩරල් විසඳුමක් සඳහා වන යෝජනාව මෙන්ම රජය මගින් සකස් කරන නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවද එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා සඳහන් කළා.
මෙරට දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු වෙනත් රටවල ක්‍රියාත්මක ෆෙඩරල් ව්‍යුහයන් ගැටුම් විසඳාලීම සඳහා යොදාගෙන ඇති ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමුවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගිය 2011 වසරේදීද ආර්. සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් එක්සත් ජනපදයේ සංචාරයක නිරතවෙමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තු සහ සෙනෙට් සභිකයන් සමඟ සාකච්ඡාවල නිරතවූයේ සිය දේශපාලන අභිලාෂයන් පිළිබඳ දැනුම්වත් කිරීමටයි.