ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් කළකිරී ඇති බව ලංකා සමසමාජ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා.
තමන්ට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දීමට මීට පෙර එකගතාව පළ කළද එය ද නොසලකා හැර ඇති බවයි මන්ත්‍රීවරයා චෝදනා කළේ.
අනෙක් පක්ෂ නායකයින්ටත් නිසි සැලකිල්ලක් නොදක්වන බවත් ආණ්ඩුවෙන් වෙනසක් ජනතාවට දීමට බලාපොරොත්තු වුවද එය එසේ නොවන විට තමන්ට වෙන ගමනක් ගැන කල්පනා කළ යුතු බවත් ඔහු අවධාරණය කළා.