ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට පවුම් 38 ක රන් තැටියක් පූජාකිරීම සම්බන්ධයෙන් ප‍්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම අපරාධකරුවකු වන ඉන්දියාවේ දී මියගිය අංගොඩ ලොක්කාගේ බිරියගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වනවා.
කොළඹ අපරාධ කොට්ඨාසය ආරංචි මාර්ග පැවසූවේ කතරගම දේවාලයේ තිබු පවුම් 38ක රන් තැටියක් අතුරුදන් වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව මෙම ප්‍රශ්න කිරීම සිදුකිරීමට නියමිත බවයි.
අංගොඩ ලොක්කාගේ බිරිය විසින් 2019 ජුලි මස කතරගම පෙරහැර පැවති අවස්ථාවක මෙම රන් තැටිය රුහුණු මහතා කතරගම දේවාලයට පූජා කර ඇති බවට විමර්ශන තොරතුරු හෙළිවි ඇතැයි ද පොලිසිය සදහන් කරනවා.
එම තොරතුරුවල සත්‍ය අසත්‍ය බව හෙළි කර ගැනීම සදහා ඇය මෙලෙස කැඳවා ඇතැයි එම ආරංචි මාර්ග පවසනවා.
කොලොන්න ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වු මෙම කාන්තාවට කොළඹ අපරාධ කොට්ඨාසයට හමුවට පැමිණෙන ලෙසට දැනුම් දුන් බවයි වාර්තා වන්නේ.
මෙම කාන්තාව පවුම් 38 ක් බර රන් තැටියක් දේවාලයට පුජා කළේ කුමණ හේතුවක් මත ද යන්න හෙළි කර ගැනීම සදහා පොලිසිය ප‍්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා.
මෙම රන් තැටිය මීට වසරක පමණ කාලය සිට අතුරුදන්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ මීට සති දෙකකට පමණ ඉහතදී බවත් පොලිිස් ආරංචි මාර්ග පැවසුවා.
මේ සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී වික‍්‍රමරත්න මහතා වෙත ලැබුණු තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබෙනවා.