May 19, 2024

ත්‍රීරෝද රථ වලින් හොර වැඩ බැහැ - පොලීසියෙන් අලුත් වැඩක්

November 07, 2021

මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා පොලිසිය එක්ව ත්‍රිරෝද රථ සදහා QR කේතය සමග නව ස්ටිකරයක් හදුන්වා දි තිබෙනවා.

එම කේතය සහිත ස්ටිකරයේ ත්‍රිරෝද රථයේ අයිතිකරුගේ සහ ත්‍රිරෝද රථයේ සියළුම දත්ත QR කේතය සහිත ස්ටිකරයට ඇතුලත් කර තිබෙනවා.

සෑම පොලිස් ස්ථානයකටම එම QR කේතය පරික්ෂා කිරිම සදහා ජංගම දුරකථනයට මෘදුකාංගයක්ද හදුන්වා දි ඇති අතර එම මෘදුකාංගය QR කේතය පරික්ෂා කිරිමේදි එම ත්‍රිරෝද රථයේ සවිස්තර වාර්තාවක් ත්‍රිරෝද රථය පරික්ෂා කරන පොලිස් නිලධාරියාට ලබා ගැනීමට පුළුවන්.

සෑම පොලිස් ස්ථානයක්ම ආවරණය වන පරිදි QR කේතය සහිත ස්ටිකරය මුද්‍රණය කර ඇති අතර පොලිසියේ ලියාපදිංචි වි ඇති සෑම ත්‍රිරෝද රථයකටම අදාල ස්ටිකරය අලවන අතර, එසේ ස්ටිකරය අලවන ලද ත්‍රිරෝද රථවලට පමණක් ප්‍රධාන නගරවල රථ ගාල් වල ගාල් කර ත්‍රිරෝද රථය ධාවනය කිරිමට අවස්ථාව ලැබෙන බවයි එම ස්ටිකරය ඊයේ (06) දින නාවලපිටිය පොලිසියේදි ත්‍රිරෝද රථ රියදුරන්ට හදුන්වා දෙමින් නාවලපිටිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.

QR කේතය සහිත ස්ටිකරය ඇලවිමෙන් ත්‍රිරෝද රථ උපයෝගි කරගෙන සිදු කරන අපරාධ වලක්වා ගැනිමටත්, ත්‍රිරෝද රථ සොරකම් කිරිම පාලනය කිරිමටත් අවස්ථාව ලැබෙන බවයි නාවලපිටිය පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

(හැටන් - රන්ජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)