May 19, 2024

ගෙදරට බොරු කී සිසුවාට අත් වූ අවාසනාවන්ත ඉරණම

November 07, 2021

යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලිස් වසමේ සුලිපුරම් ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ සිසුවෙකු ළිඳක දිය නාමින් සිටියදී දියේ ගිලීමෙන් ඊයේ (06) දින මිය ගොස් ඇතැයි වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසනවා.

අදාල සිසුවා පාසලේ ශ්‍රමදානයකට මිතුරන් සමග යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර පසුව මිතුරන් සමග සුලිපුරම් ප්‍රදේශයේ ළිඳකට ගොස් මිතුරන් සමග දිය නෑමේදී එකවරම සිසුවා දියේ ගිලී තිබෙනවා.

පසුව මිතුරන් විසින් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව ගොඩට ගෙන මූලායි රෝහලට රැගෙන යාමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යවන අතරතුරදී සිසුවා මිය ගොස් තිබෙනවා.

මෙලෙස දියේ ගිලීමෙන් මිය ගොස් ඇත්තේ සුලිපුරම් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි උසස්පෙළ ඉගෙනුම ලැබූ ප්‍රභාකරන් රජීවන් වන අතර අදාල මරණය සම්බන්ධයෙන් සිසුවා සමග ළිඳේ දිය නෑමට ගිය අනෙකුත් මිතුරන්ගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදු කරන වඩුක්කෝඩ්ඩෙයි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)