May 11, 2024

ජනපති ලෝක බැංකු නියෝජිතයන් එක්ක ගිය ගමන

November 06, 2021

කොළඹ නාගලගම් වීදිය ජල පොම්පාගාරය ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ලෝක බැංකු නියෝජිතයන්ගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස 2012 වසරේදී කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබීය. ඊට උප ව්‍යාපෘති 55ක් ඇතුළත් වන අතර නාගලම් වීදිය ජල පොම්පාගාරය එක් උප ව්‍යාපෘතියකි.

කොළඹ නගරය වැසි ජලයෙන් යටවීම වැළැක්වීම, වියළි කාලයේ දී ඇළ මාර්ගවල ජලය අඩු වීම නිසා සිදුවන අපවිත්‍රතා මඟහැරවීම මෙම උප ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ. තත්පරයකට ජලය ඝණ මීටර් 30ක් කැලණි ගඟට මුදා හැරිය හැකි පොම්ප පහක් සහ තත්පරයකට ජලය ඝණ මීටර් 12ක් කැලණි ගඟෙන් ඇළ මාර්ගවලට රැගෙන ආ හැකි පොම්ප දෙකක් මෙහි සවිකර තිබේ. ස්වයංක්‍රීය දොරටු දෙකකින් සහ පාලක පද්ධතියක් ද මීට ඇතුළත්ය.

සමස්ත ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 321ක් වැය කෙරෙන අතර ලෝක බැංකුව ඩොලර් මිලියන 213ක සහනදායී ණයක් ඊට සපයා තිබෙනවා. ශ්‍රී ලංකා රජය ඊට ලබා දී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 108කි.

සමස්ත ඉදිකිරීම් ඉදිරි මාස කිහිපය තුළ නිම කළ හැකි බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා ඒ.එච්. තුෂාරි මහත්මිය ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ප්‍රගතිය සමාලෝචනය කරමින් සඳහන් කළා.

මීට සමගාමීව තෝරාගත් ප්‍රදේශ කිහිපයක මාර්ග කිලෝමීටර් 47ක් සංවර්ධනය කෙරෙනවා. විහාරමහා දේවී, කාක දූපත වෙරළ  සහ බැද්දගාන තෙත් බිම් යන උද්‍යාන වැඩිදියුණු කිරීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් ය.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාර්ට්විග් ෂෙෆර් (Hartwig Schafer) ඇතුළු නියෝජිතයෝ ඇතුළු නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 11:17

Related items